හලාවත මුතුපන්තිය ප්‍රදේශයෙන් (11දා) දින අළුයම අත්අඩංගුවට ගත් හෙරෙයින් තොගය රැපියල් ලක්ෂ 20000 කට අධික වටිනාමකින් යුත් බව පොලීසිය පවසයි.
පුත්තලම දිසා බුද්ධි එකකයේ නිළධාරින් විසින් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී හෙරොයින් කිලෝ 198 අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් ඉතිහාසයේ සිදුකල විශාලතම මත් ද්‍රව්‍ය වැටලිම මෙය බවත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක එක් කොටසක් මෙය විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා හලාවත පොලිස් අධිකාරි කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසිය.
හලාවත සිට කිලෝ මිටර් 10 කට ආසන්න දුරකින් වු ආනවිළුන්දාව දුම්රිය හරස් මාර්ගයේදි දින ගනනාවක සිට පුත්තලම දිසා බුද්ධි එකකයේ නිළධාරින් රැකවල් යොදමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනිමට දැවැන්ත වැටලිමක නිරත වී තිබුණි.