හලාවත පොලිස් වසමේ පිහිටි පුත්තලම, කොළඹ ප්රධාන මාර්ගය හරහා වැටී ඇති මානවේරිය දුම්රිය හරස් මාර්ගය අද රාත්රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා අලුත්වැඩියා කටයුතු සිදුකරන බැවින් මෙම මාර්ගය භාවිත කරන මහජනතාවට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය කියයි.
විකල්ප මාර්ග
හලාවත සිට ගමන් කරන වාහන බංගදෙනිය, ආණමඩුව මාර්ගයේ ආඩිගමට ගොස් ඉන් වමට හැරී කිරියන්කල්ලියෙන් දකුණට හැරී පුත්තලම මාර්ගයට පිවිසිය හැකිය.
පුත්තම දෙස සිට පැමිණෙන වාහන කිරියන්කල්ලියෙන් වමට හැරී ආඩිගමට ගොස් ආඩිගමින් දකුණට හැරී බංගදෙනියට පැමිණ වමට හැරී හලාවත දෙසට පැමිණිය හැකිය.