ඇමෙරිකාවේ, ෆ්ලොරීඩාවේ උතුරු ගල්ෆ් වෙරළ කලාපයෙන් හර්මයින් සුළි කුණාටුව රට තුළට ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
දශයකයකට පමණ පසුව ෆ්ලොරීඩා වෙත බලපෑ ප්රබලතම සුළි කුණාටුවක් ලෙස සැලකෙන හර්මයින් හේතුවෙන් ඊයේ (02දා) වනවිටත් ගංවතුර තත්ත්වයක් මෙන්ම, විදුලි ඇණහිටීමක්ද සිදුව තිබේ.
ඇමෙරිකානු කාලගුණ අංශ පෙන්වා දෙන්නේ පැයට කිලෝමිටර් 130ක වේගයෙන් යුතුව සුළි කුණාටුව රට තුළට ඇතුළු වූ බවයි.
සෙඩාර් කී නගරයේ පමණක් අඩි 10කට ආසන්න ජල මට්ටමක් සමග ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, මෙය වාර්තාගත ජල ගැල්මක් බවත් කියැවෙයි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් 20,000ක පමණ ජනතාවක් දැඩි බලපෑමකට ලක්ව ඇති අතර, තවත් 70,000ක් පමණ විදුලිය නොමැතිව සිටින බවද විදෙස් වාර්තා පවසයි.

.jpg)