(UPDATE) දක්ෂිණ අධිවේගයේ බස් ගමනයේදී නියමිත කාල සටහනට බස් ධාවනයේ යොදවන ලෙසට ඇමති චන්ද්‍රසිරි සූරියආරච්චි හා නියෝජ්‍ය ඇමති මාතර පොලීසියට උපදෙස් දීමෙන් පසුව විරෝධතාවේ නිරතවී සිටි රියදුරු ලක්ෂි සජින්තා උපවාසය අත්හැරියාය.
මහරගම - මාතර අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන කාර්යයේ නිරතවී සිටින ලක්ෂි සජින්තා නැමැති රියදුරු කාන්තාව මේ වන විට මාතර කොටුවේගොඩ අපදා කළමනාකරණ කුළුණනට නැගී උපවාසයක් ආරම්භ කර තිබේ.
අධිවේගී මාර්ගයේ නියමිත කාල සටහනක් නොමැතිව බස් රථ ධාවනය නොකරන බව ප්‍රකාශ කරමින් ඇය මෙම උපවාසය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය කරන එකම කාන්තාව වන්නේ ලක්ෂි බවද පැවැසේ.