එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් නිර්දේශ කර ඇති යුද අධිකරණයට එරෙහිව ඉදිරි මාස 2 ඇතුළත දේශීයව හා විදේශීය සම්මන්ත්රණ මාලාවක් පවත්වා ජනතාවට ඇත්ත තත්ත්වය පැහැදිළි කරන බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ, "රටට සාමය දිනාදුන් වීරයින්ට අත නොතබනු" මැයෙන් මේ මස 27 වැනිදා කොළඹ ජනකලා කේන්ද්‍රයේදී එම කටයුත්ත ආරම්භ කරන බවයි.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (17දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.