හමුදා මේජර්වරියක් රවටා මුදල් වංචා කරලා
පුවත්පතක පළකළ මංගල යෝජනාවක් අනුව හඳුනාගත් යුද හමුදා මේජර්වරියකගෙන් රුපියල් 98000 ක මුදලක් වංචාසහගත ලෙස ලබාගත් බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි. බදුල්ල කන්දේගෙදර ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු විසින් තමන් ඉංජිනේරුවෙකු බව පවසා කොළඹ ප්රදේශයේ පදිංචි මෙම කාන්තාව රවටා විවාහ යෝජනාවට එකඟවී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
අදාළ කාන්තාවගේ විශ්වාසය දිනාගත් සැකකරු තමන්ගේ වාහනයකට කල්බදු වාරියක් ගෙවීමට ඇති බව පවසා රුපියල් 98,000 ක මුදලක් මුදල් ඇණවුමක් ලෙස බදුල්ල තැපැල් කාර්යාලයට ගෙන්වාගෙන එම මුදල තැපැල් කාර්යාලයෙන් ලබාගෙන ඇති බවද පොලීසිය පවසයි.
අදාළ කාන්තාව විසින් මෙම පුද්ගලයා පිළිබඳව සැක පහළවී සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ සැකකරු රැකියාවක් නැති අයෙක් බවත් වංචනික ලෙස තමා රවටා මුදල් ලබාගෙන ඇති බවත්ය. ඉන් අනතුරුව මෙම කාන්තාව විසින් සිද්ධිය පිළිබඳව බදුල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
