www.ada.lk
2026 ජුලි මස 06 වන සඳුදා
ජාතික ආරක්ෂාව නැමැති සංවේදී විෂය හා අවස්ථාවාදි දේශපාලනය නොකරන ලෙසත් රජයක් ලෙස උතරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙසෙනා දෙමළ ජනතාවගේ මෙන්ම අනෙකුත් ජනතාවගේ ආරක්ෂාව ස්ථාපිත කර තිබෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යාපනයේදී පැවැසීය.
යාපනයේ සංචාරයක නිරතවිමෙන් අනතුරුව එම ප්‍රදේශයෙ රණවිරුවන් අමතමින් ඔහු මෙම අදහස් ඊයේ (06දා) සඳහන් කළේය.
පසුගිය කාලයේ විවිධ කටකතා පැතිර ගිය බවත් ආරක්ෂාව ස්ථාපිත කර තිබෙන කඳවුරු ඉවත් නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම ආරක්ෂක හමුදාවන්හි වෘත්තීය ගරුවත්වය ආරක්ෂා කිරිමට මෙන්ම එහි වෘත්තිය තත්ත්වය දියුණු කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව යාපනයේ රණවිරුවන්ගේ පහසුකම් පිළිබඳ සොයා බැලීම සඳහා කඳවුරු වල නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍යවරයා එක්විය.
මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පිරිසක් එක්වූහ.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
ගාල්ලේ මාර්ග 22ක වැඩ නිම නොකර සියලු මුදල් අරගෙන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd