හම්බන්තොට වරාය හමුදා කඳවුරක් ලෙස යොදා නොගන්නා බවත් ශ්‍රීලංකාවේ වරායන් තුළ හා එහි සමුද්‍ර කලාපය තුළදී ඉන්දීය ආරක්ෂාවට ගැටලුවක් වන කිසිම දෙයක් සිදු නොකරන බවත් හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි.
ඉන්දියාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දෙසැම්බර් මාසයේදී හම්බන්තොට වරාය ශ්‍රී ලංකා රජය විසින් චීනයට වසර 99ක දිගුකාලීන බදු පදක් මත ලබාදුන්නේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වමින් විජේගුණරත්න මහතා හම්බන්තොට කර්මන්ත කලාපයේ ආයෝජනය කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයන්ට පැමිණෙන ලෙසද ආරාධනා කොට ඇත.