හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයින්ගේ ඉල්ලීම් ගැන බලධාරීන් කිසි විසදුමක් ලබා නොදුන් බැවින් හෙට (09) සිට සේවකයින් 438 දෙනා මාරාන්තික උපවාසයක නියැලීමට කටයුතු කර ඇතිබව මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි. කේ. ඔමේෂ් මහතා පැවැසීය.
හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම යටතේ සේවය කල සියලු සේවකයින් හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට බදුදීමට ප්‍රථමයෙන් වසරේ නොවැම්බර් මස 30 වනදා සිට සේවයෙන් ඉවත් කෙරිණි.
තමන්ගේ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් තම රැකියා අහිමි වී දින 40 ක් වන අද (08දා) දක්වා වගකිවයුතු සියලුම පාර්ශවයන් දැනුවත් කළත් මේ වනවිට ඔවුන්ට සෑහීමකට පත්විය හැකි කිසිදු විසදුමක් ලබා නොදුන් බවද ඔමේෂ් මහතා පවසා සිටියේය.