හම්බන්තොට වරාය බදු දීම සම්බන්ධයෙන් අනිද්දා (07දා) හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
හම්බන්තොට වරාය බාරදීම සම්බන්ධ ක්‍රමෝපාය පනතේ රෙගුලාසි සඳහා මෙදින කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිත අතර, එදිනම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.
ඒ අනුව හම්බන්තොට වරාය බාරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අවශ්‍යනම්,මේ මස 08 වැනිදා එය පැවැත්වීමටත්,එදින රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා මේ සඳහා වේලාව වෙන්කිරීමටත් පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
පළාත් පාලන මැතිවරණසංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අනිද්දා (07දා) රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා රැස්වීමක්පැ වැත්වීමටද පක්ෂ නායකයන් එකඟ වී තිබේ.