හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට දිගුකාලීන බදු පදනම යටතේ බාරදීම ලබන 08 වැනිදා සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ වෙනුවෙන් බදු මුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ මුදලක් ශ්රී ලංකා රජයට ලැබෙනු ඇතැයිද වාර්තා වේ.
හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනම යටතේ චයිනා මර්චන්ට් සමාගමට බදුදීමේ ගිවිසුමට මේ වසර මුලදී අත්සන් කරනු ලැබූ අතර, වරායේ කොටස්වලින් සියයට 70ක් චයිනා මර්චන්ට් සමාගමටත්, ඉතිරි සියයට 30 ශ්රී ලංකා වරාය අධිකාරියටද පැවරීමට තීරණය විය.
වරාය බදු දීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1200ක පමණ මුදලක් ශ්රී ලංකා රජය ලබාගැනීමට අපේක්ෂිතය.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)