හම්බන්තොට වරාය චීනයට දීමේ ගැටලු අවසන්
හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට බදු දීම සම්බන්ධයෙන් පැවැති ගැටලුකාරී තත්ත්වය මේ වන විට නිරාකරණය වි ඇතැයි වර්තා වෙයි. ඒ අනුව මීට අදාළ ගිවිසුම මේ වස 25දාත් ලබන මස 7 දාත් අතර කාලය තුළ අත්සන් කිරිමට බෙහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
හම්බන්තොට වරායේ කොටස්වලින් 80%ක් චයින් මර්චන්ට් සමාගමටද ඉතිරි 20% ශ්‍රී ලංක වරාය අධිකාරියටව වශයෙන් වසර 80ක කාලයක් සඳහා බදු දිමට යෝජනා වි ඇති අතර අවශ්‍යනම් ශ්‍රී ලංකා වරාය අධිකාරියට එම කොටස් ප්රමාණ්ය 30%ක් දක්වා වැඩි කර ගැනීමේ අවස්ථාව පවතියි.
මේ අතර හම්බන්තොට වරයා බදුදීමේදී සමාගම් දෙකක් පිහිටුවීමට යෝජනා වී ඇති අතර වරායේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, ව්‍යාපාර පාලය මර්චන්ට් සමාගමටත් පැවැරෙන අයුරින් මෙම සමාගම් දෙක පිහිටුවීමට යෝජනා වී ඇත.
වරාය බදු දීමෙන් රජය ලබා ගැනීමට අපෙක්ෂා කරන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වෙයි.
අජන්ත කුමාර අඟලකඩ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

