හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීම සඳහා පසුගිය රජය ලබාගත් රුපියල් බිලියන 1.3ක ණය මුදල නැවත ගෙවීම වත්මන් රජයට අසීරු කරුණක් වී ඇති බවත්, ඒ අනුව එම වරාය චීන සමාගමකට බදුදීමට තීරණය කළ බවත් සංවර්ධන උපාය සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පළකළේ අද (05දා) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේද සහභාගිත්වයෙන් පැවැති එම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මාගම්පුර වරාය නිසා දැනටමත් අතිවිශාල පාඩුවක් රටට සිදුවෙලා තියෙනවා. මේ නිසා අපි විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවුණා. අපි ඒ ගැන සාකච්ඡා කළේ චීන රජය සමගයි. ඔවුන් අපිට වරාය ගනුදෙනුවට සමාගම් දෙකක් හඳුන්වලා දුන්නා. එකක් චයිනා හාබර් කෝපරේෂන් සමාගම. ඔවුන් ඉදිරිපත් කළ වටිනාකම ඩොලර් බිලියන 1.1යි. අනෙක් සමාගම වුණු චයිනා මර්චන්ට් සමාගම ඩොලර් බිලියන 1.4ක වටිනාකමක් දුන්නා. ඒ නිසා අපි ඒ සමාගමත් එක්ක සාකච්ඡා කරලා මේ ගිවිසුමට එළැඹුණා" යනුවෙන් පවසා සිටියේය.
කෙසේවෙතත් මේ යටතේ තවත් ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට ඇති බවත්, ඒ සඳහා යම් කාලයක් ගතවීමේ ඇති හැකියාව නිසා පෙර සැලසුම් කළ පරිදි ලබන 07 වැනිදා මෙම වරාය ගිවිසුම අත්සන් නොතැබෙන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.