හම්බන්තොට ධීවර වරායේ බෝට්ටු අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට
- 24 04 2017
- 18:40
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
හම්බන්තොට ධීවර වරායෙන් මුහුදුයාම සඳහා කටයුතු සුදානම් කරමින් සිටි ධීවරයන් පස්දෙනෙකු සිටි බෝට්ටුවක් තුළ තිබූ ගෑස් ටැංකියක් පුපුරා යෑමෙන් එහි සිටි එක ධීවරයෙක් මියගොස් තවත් ධීවරයන් හතර දෙනෙකු බරපතළ තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ හම්බන්තොට මරේ, පාරේ පදිංචිව සිටි එම්. රවුෆ්දීන් නැමැති වයස අවුරුදු 51වන දෙදරු පියෙකු වන අතර, සිද්ධියෙන් බරපතළ තුවාල ලැබීමෙන් පසු ඔහු හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙම බෝට්ටු අනතුරින් තුවාල ලැබූ ධීවරයන්ගේ සුව දුක් විමසීම සඳහා අද(24දා) ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට මහරෝහලට යන ලදී.
මේ සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
