හම්බන්තොට චීනයට දීමට කැබ්නට් අනුමැතිය
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට කැබිනට් අනුමැතිය ඊයේ (21දා) හිමි විය. අදාළ ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කොට ඇත.
අදාළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී සංකූලතා රැසක් මතුව ඇති බැවින් ඒවා විසඳීමට නව අණපනත් අවශ්‍ය වන තත්ත්වයක් මතුව ඇති බැවින්, මෙම කමිටුව පත්කර තිබේ.වරාය හා නාවික අමාත්‍යාංශය මගින් අදාළ ගිවිසුම පිළිබඳ තම මතය ප්‍රකාශ කර සිටි අතර, ගිවිසුමේ ඇතැම් වගන්ති වරාය අධිකාරී පනතට පටහැනි තත්ත්වයක්ද ඇත.
එසේම වරාය සතු ඉඩම් පැවරීමේදී ඒ සඳහා බලපාන අණපනත් සමග ගැටෙන තත්ත්වයක්ද ඇති හෙයින් ගිවිසුම ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළිබඳ සොයාබලා නිර්දේශ කිරීමට අදාළ කමිටුව පත්කර ඇත.
මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන අය එහි සෙසු සාමාජිකයෝ වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
