මාගම්පුර වරායේ වැඩකටයුතු චීන සමාගමක් හා එක්ව කිරීමට මේ මස 07 වැනිදා ගිවිසුම් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කළද එයට ඉඩ ලබානොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
ගිවිසුම අත්සන් කිරීමේදී රටට හා ජනතාවට කිසිදු හානියක් සිදුනොවිය යුතු බවත්, මේ නිසා අදාළ ගිවිසුම හා කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශේෂ සොයා බැලීමක් සිදුකරන බවත් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ආකාරයට රටේ සම්පත් විකුණා දැමීමට ඉඩ ලබානොදෙන බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.