හම්බන්තොට ඇතුළුව ශ්රී ලංකාවේ දක්ෂිණ සංවර්ධනය පිළිබඳව රජයේ ප්රවෘත්ති අධෂ්යක් හිල්මි මොහොමඩ් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ඔහු පවසන්නේ ඒ සඳහා හම්බන්තොටින් අක්කර 15000ක් ලබාදෙන බවත් බෞද්ධ විහාරස්ථාන විනාශ කරන බවත් සඳහන් කරමින් බංකොලොත් දේශපාලඥයින් පිරිසක් කූඨ සැලැස්මක් ක්රියාත්මක කරමින් සිටින බවයි.
දකුනේ සංවර්ධනය පිළිබඳව අත්සන් තබන ගිවිසුම් පිළිබඳව ක්රමානුකූලව මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
දකුණේ සංවර්ධනය සඳහා දැනට හම්බන්තොටින් අක්කර 1200ක් මාතරින් අක්කර 2000ක් මොණරාගලින් අක්කර 7000ක් හඳුනාගෙන තිබෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි. තවදුරටත් එම නිවේදනයේ දැක්වෙන්නේ එම ඉඩම්වලින් සියයට 95ක්ම රජයේ ඉඩම් වෙන බවයි.
