තංගල්ල කොට්ටාස විෂ මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (20දා) සවස හම්බන්තොට සිරිබෝපුර පරිපාලන සංකීර්ණය ආසන්නයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි ගණිකා වෘත්තියෙහි යෙදී සිටි වයස අවුරුදු 27 ක කාන්තාවක් සමග ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අවන්හලක මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ ගණිකා මඩමක් පවත්වාගෙන යන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව උපායදූතයෙකු යොදවා පොලීසිය විසින් අදාළ කාන්තාව හා එය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.