හම්බන්තොට පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු දේපලවලට හානි කළ බව පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 52 ගෙන් 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ 27 දෙනකු මේවනවිට හම්බන්තොට, අම්බලන්තොට සහ සූරියවැව රෝහල්වෙත ඇතුළත්කර ඇති අතර මින් 11 පොලිස් නිලධාරීන් බවද වාර්තා වේ.
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 52 ගෙන් 21 දෙනෙකු ලබන 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාත කිරීමටත් , තවත් දෙදෙනෙකු ලබන 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් හම්බන්තොට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.