හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදුදීමේ සංශෝධිත ගිවිසුමේ කෙටුම්පත වරාය අනුමැතිය සඳහා යොමුකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. වරාය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණහොත් අදාළ ගිවිසුම අනිද්දා (09දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පිළිබඳව මුලින් සකස්කළ ගිවිසුමට විරෝධතා එල්ල වූ හෙයින් එහි සංශෝධන සිදු කිරීමට රජය තිරණය කළේය. වරාය බදු දීමේදී රජයට 20%ක් හා චයිනා මර්චන්ට් සමාගමට 80%ක් ලෙස සඳහන් කර තිබුණද පසුව එය රජයට 40%ක් හා චීන සමාගමට 60%ක් ලෙස සංශෝධනය කර ඇතැයිද සඳහන් වෙයි.
වසර 99ක් ලෙස සකස් කර තිබූ ගිවිසුම වස 70ක් හා වසර 29ක් ලෙස අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළව සංශෝධන ඉදිරිපත් කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 13දා චීනයේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයට පෙරාතුව අවසන් එකඟතාවයකට පැමිණීම රජයේ අරමුණ වී තිබේ.
අජන්ත කුමාර අඟලකඩ