වත්මන් රජය යටතේ භණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා කොප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද දින (08දා) කොමිසමට කැඳවා තිබේ.
සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සාක්කි විමසීම සඳහා පසුගිය මස 24 වැනිදා ඔහු කොමිසම හමුවට කැඳවා තිබු නමුත් ඒ කාලයේ ඔහු විදේශගතව සිටීම නිසා ඔහුගේ සාක්කි ලබා ගැනීම කල් තැබීමට සිදු වු අතර ඒ අනුව හඳුන්නෙත්ති මහතා අද දින කොමිසම හමුවට කැඳවා ඇත.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබූ ප්‍රථම කොප් කමිටුවේ හිටපු සභාපති ඩියු ගුණසේකර මහතාගේ සාක්කිය මීට පෙර දිනයක ලබාගන්නා ලද අතර නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ සිල්වා මහතාගේ සාක්කි ඉදිරියේදී විමසීමටද කොමිසම තීරණය කොට ඇති බව වාර්තා වේ.