පවතින වියළි කාලගුණය ඉදිරියටත් පැවතිය හොත් විදුලි අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහාහදිසි විදුලිය මිලදී ගැනීමටරුපියල් කෝටි 250ක පමණ මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් මේසම්බන්ධයෙන් වන කැබිනට් සන්දේශය ඉදිරිපත් කර ඇති අතර,පවතින නියං තත්ත්වයත්, අලුතින් බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයත් හේතුවෙන් මෙලෙස පෞද්ගලික අංශයෙන් මෙගාවොට්100ක පමණ විදුලිය හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇතැයි කැබිනට් මණ්ඩලයට කරුණු දක්වා තිබේ.
විදුලිය ඒකකයක් රුපියල් 29කට පමණ මිලදී ගැනීමට මෙහිදී යෝජනා වී ඇත.
මේ සම්බන්ධයෙන් ඊයේ(28දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේඑම යෝජනාව සඳහා අනුමැතිය ලැබුණු බවයි.
එමෙන්ම හදිසි විදුලිය මිලදීගැනීම වෙනුවටවෙනත් ක්‍රමවේදයක් සකස්කරන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම්දී වසර දෙකක් පමණ ගත වුවද, මෙතෙක් එය සිදුකර නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ඉදිරි කාලයේදී ඇතිවන විදුලි අර්බුදයට මුහුණදීමටයි එලෙස හදිසි විදුලිය මිලදී ගන්නේ. මේ වියළි කාලගුණය දිගටම පැවැත්වුණොත් එයට පිළියමක් විදියටයි මේ විදියට විදුලිය ගන්නේ. දැනට විදුලිය තිබෙනවා. දිගටම වියළි කාලගුණය තිබුණොත් පමණයි මේ විදියට ගන්නේ.
හදිසි විදුලි මිලදීගැනීම් වෙනුවට විසඳුමක් හදන්න විදුලිබල මණ්ඩලයට පවරා තිබෙනවා. නමුත් විදුලිබල මණ්ඩලය වසර දෙකහමාරක පමණ කාලයක් ඒක තියාගෙන ඉන්නවා. ඒ පිළිබඳ හරිහැටි ක්‍රියාමාර්ග අරගෙන නැහැ* යැයිද ප්‍රකාශ කළේය.