අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේදී ආයතන නීති රෙගුලාසි හා චක්‍රලේඛවලට සීමා නොවී අවස්ථානුකුල පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේම ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් නිවාස රජය මගින් ඉදිකරදීමේ නිසි වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.
අද (27දා) පෙරවරුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනපතිවරයා මෙම උපදෙස් දුන්නේය.
අහිමි වූ ජීවිත වෙනුවෙන් වන්දි ප්රදානය සහ අවතැන්ව දෛනික රැකියා අහිමි වූ පිරිස් වෙනුවෙන් සහන සැලසීමේ විධිමත් ක්‍රමවේදයක් පිළිබඳව අදාළ ආයතන සමග ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළැඹෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
දිවයිනට වරින් වර බලපාන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජාතික සහ දිස්ත්‍රික් මට්ටමින් නව වැඩපිළිවෙළක් සකස් කිරීමට ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
කඩිනම් සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ ආයතන වෙත යොමු කර තිබෙන අතර ජීවිත බේරාගැනීම සඳහා අවශ්‍ය බෝට්ටු අදාළ ස්ථාන වෙත රැගෙන යාමට මුදල් ගෙවීමකින් තොරව අධිවේගී මාර්ග භාවිතා කළ හැකි බව ද මෙහිදී සඳහන් කෙරිණි.
.