සතියක කාලයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළේ කරුණු පහක් හේතුවෙන් බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
01 පසුගිය සති දෙකක කාලය පුරා සිදුව ඇති කලහකාරී හා සාපරාධි ක්‍රියා.
02 එම සිද්ධීන් නිසා සිදුව ඇති ජීවිත හා දේපළ හානි වීම.
03 එම සිද්ධීන් නිසා ජාතීන් හා ආගම් අතර ගැටලුකාරී තත්ත්වයන් හා අසංහතීන් ඇතිවීම.
04 දේපළ, පූජනීය ස්ථාන, ප්‍රවාහන පහසුකම් ආදියට පහරදීම් සිදුවීම හා එමගින් හානිවීම.
05 ඉහත සඳහන් සාපරාධී ක්‍රියා තවදුරටත් සිදුවීම.
මෙම සිදුවී් ඇතැම් අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුළ සිදුව ඇති බවත් බවත් සංවිධානාත්මක කණ්ඩායම් මගින් ඒවා සිදුකොට ඇති බවත් ජනපති මාධ්‍ය අංශ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම සිදුවීම් සමනය කිරීම සඳහා ගතයුතු අත්‍යාවශ්‍ය පියවරක් ලෙස සීමිත වපසරයික් යුතුව මහජන ආරක්ෂක ආශා පනතේ දෙවැනි කොටස ක්‍රියාත්මක කිරිමට සිදුව ඇති බවත් එම නවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.