හදිසි අනතුරකදී රක්ෂණ සමාගම් විසින් ගෙවන මුදල් කඩිනමින් ගෙවීමට හා තුන්වැනි පාර්ශ්වය වෙනුවෙන් රක්ෂණය ගෙවීම නීති මගින් ක්‍රියාත්මක කිරීමටත්, එම ප්‍රමාණය වැඩිකිරීමටත් කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කරයි.
අද (10දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති වැඩසටහනකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට දිනෙන් දින මෝටර් රථ එක්වුවත් ඒ හා සමගාමීව මාර්ග පද්ධතිය පුළුල් වී නොමැති බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.
ප්‍රවාහන අවශ්‍යතාවන් වෙනුවෙන් පොදු ප්‍රවාහනය භාවිතා කිරීම වෙනුවට පෞද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිත කිරීම ගැටලුවක් බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.