හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජ තේ කර්මාන්ත ශාලාව අසල අද (27දා) රාත්‍රී 7.45 ට පමණ විශාල පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට තිබේ. අද පස්වරුවේ ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග මෙම පස්කන්ද කඩාවැටී ඇති බව හැටන් පොලීසිය පවසයි. පස් කන්ද කඩාවැටීමත් සමගම හැටන් බගවන්තලාව සහ හැටන් මස්කෙළිය යන ප්‍රදේශවල ගමනාගමන කටයුතුද අඩාළ වී තිබේ.
මේ වනවිට එම මාර්ගය දෙපස විශාල වාහන සංඛ්‍යාවක් නවතා ඇති අතර ඒ අවට වතු කම්කරුවන්ගේ සහයෝගයත් සමග මාර්ග සංවර්ධන අධිකාරිය පස් ඉවත්කිරීමේ කටයුතු ආරම්භකර තිබේ.