ලෙගටම් ආයතනය වාර්ෂිකව ගණනය කරන ලෝක සෞභාග්‍ය දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් පහළට වැටී ඇත.
පසුගිය වසරේදී එම දර්ශකයේදී ශ්‍රී ලංකාවට හිමිව තිබූ ස්ථානය 60 වුවත් මේ වසරේදී 62 වැනි ස්ථාන හිමිවී ඇත. 2012 වසරේදී ශ්‍රී ලංකාව 58 වැනි ස්ථානයේ පසුවිය. මෙම දර්ශකය ගණනය කිරීම සඳහා මේ වසරේදී රටවල් 142ක් යොදාගෙන තිබුණි.
ආර්ථිකය, ව්‍යාපාරික අවස්ථා, යහපාලනය, සෞඛ්‍යය, ආරක්ෂාව, පුද්ගල නිදහස, සමාජ ප්රාග්ධනය, අධ්‍යාපනය යන කරුණු අට යොදාගනිමින් මෙම දර්ශකය ගණනය කරනු ලබයි.
මේ වසරේදී (2014) ප්‍රථම ස්ථානය නෝර්වේ රටට හිමිවූ අතර, 142 වැනි ස්ථානය හිමිවූයේ මධ්‍යම අප්‍රිකානු ජනරජයටයි.
ඉන්දියාව (102), ඇමෙරිකාව (10), චීනය (54) වැනි ස්ථානයේ පසුවෙයි.