සෞදි ඒකාබද්ධ ප්‍රහාරයෙන් අවමඟුල සංහාරයක් වෙලා
සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් යේමනයේ අවමංගල්‍ය උත්සවයක් පැවති නිවසකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 155 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් පසුව සෞදිය වෙත මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වහා වාර්තාවක් ලබාදෙන ලෙස ඇමෙරිකාව ඉල්ලීමක් කර ඇති අතර, යේමනයේ අගනුවර මන සනා නුවර වෙත එල්ල වූ ප්‍රහාරයෙන් තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
සෞදි අරාබිය වෙත අවි ආයුද සැපයීමේ ප්රමුඛ සැපයුම්කරු ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සෙනසුරාදා දිනයේ එල්ල වූ මෙම ප්‍රහාරයත් සමග සෞදිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් හොයුතු කැරලිකරුවන් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවද පැවසෙයි.
එමෙන්ම, සෞදිය වෙත සිදුකරන හමුදාමය සහාය තවදුරටත් ලබාදීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවද වොෂිංටනය මෙම ප්‍රහාරයෙන් පසුව පවසා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

