සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය තිදරු මවක් එම නිවසේ හාම්පුතුන්ගේ වදහිංසාවට ලක්වීම නිසා ඇය නැවත දිවයිනට ගෙන්වා රෝහල්ගත කර ප්‍රතිකාර ලබා නිවසේ සිටියදී පසුගියදා (18දා) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හැටන් කොටගල යුනිෆීල්ඩ් වතුයායේ වැලින්ටන් කොටසේ පදිංචි රාමනාදන් කමලේස්වරී (අවු.48) නැමැති තිදරු මවකි.
ඇය 2012 වසරේ අප්‍රේල් මස 27 වැනිදා සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් වසරකට ආසන්න කාලයක් එහි සේවය කර ඇති අතර, එම නිවසේ හාම්පුතුන් විසින් පහර දී හිංසා කිරීම නිසා ඇයට ස්නායු ආබාධයක් ඇති වී ගොලු බවට පත්වී තිබේ. පසුව කිසිදු වැටුපක් හෝ වන්දියක් නොගෙවා එම නිවසේ හාම්පුතා විසින් එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඇය ගෙනැවිත් භාර දී තිබේ.