රාමලාන් කාලසීමාව තුළ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනයට අවශ්‍ය රට ඉඳි අවශ්‍යතාව සවුදි අරාබි රජය විසින් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීම සාමාන්‍ය‘යෙන් සිදු වුවත් මෙවර සෞදි රජය ශ්‍රී ලංකාවට රට ඉඳි ප්රදානය කර නොමැත.
කෙසේ වෙතත් පෞද්ගලික පරිත්‍යාගශීලීන් තිදෙනෙකු විසින් පරිත්‍යාග කරන ලද මෙට්‍රික් ටොන් 03ක රටඉඳි තොගයක් පමණක් ලැබී ඇති බවත් රජය පවසයි.
රාමලාන් සමයේදී අවශ්‍ය වන අතිරේක රට ඉඳි මෙට්‍රික් ටොන් 250ක ප්‍රමාණය සතොස ආයතනය මගින් මිලදී ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහත්වරුන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.