සෞඛ්‍ය සේවකයින්ට දින 05 ක වැඩ සතියක් ස්ථාපිත කිරීමට සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කළ මැයි රැළියට ඊයේ (07) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“වර්තමානයේ පැය 08 වැඩ කරන කාලය කම්කරුවන් ගණන් ගන්නේ නැහැ. නමුත් එය ලබාගත්තේ ජිවිත පරිත්‍යාගයෙන්. කම්කරු ඉල්ලීම් ලබාදීමට පැවැති රජයන් කටයුතු කළාසෞඛ්ය සේවකයින්ගේ දින 05 සතිය ස්ථාපිත කිරීම පිළිබදව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉතිරි දින වලට අතිකාල දීමනා ලබාදීමට සැළසුම් කර තිබෙනවා. සෞඛ්‍ය කාර්ය සහායකයින්ට ක්‍රමවත් පුහුණුවක් ලබාදෙන ලෙසත්, උපස්ථායක පුහුණූව මාස 06 දක්වා වැඩි කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.”