සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ නිල නිවාස ගැටලුව වසර 2020ට පෙර අවසන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටියේය.
මේ අනුව මුල් අදියර යටතේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු සඳහා නිල නිවාස ඉදිකිරීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඉන් අනතුරුව දෙවැනි අදියර යටතේ හෙද, අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් සඳහාද, ඉන් පසු සෙසු සෞඛ්‍ය සේවකයන් සඳහාද නිවාස ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව මෙලෙස ඉදිකරන නිවාස සුඛෝපභෝගී නිවාස ලෙස සකස් කිරීමට කටයුතු යොදා ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.