නිකුත්කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන බව පවසමින් සෞඛ්‍ය ලේකම්වරයා තමන් රැවටීමකට ලක්කළ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය.
අදට (13දා) දින 10 ක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඒ ආකාරයට නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කටයුතු කිරීම සම්බන්ධව කනගාටුවන බවද සභාපතිවරිය කියා සිටියාය.
තමන් මුහුණදුන් අත්දැකීම විස්තර කළ දේවිකා කොඩිතුවක්කු මහත්මිය,
“අපට සාකච්ඡාවක් සඳහා පෙරේදා (11දා) සවස 5.30 ට එන්න කියල සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික සහකාර ලේකම් උපුල් ගුණසේකර සහ අධ්යක්ෂ පාලන ධුරය හොබවන නිලධාරිනිය දුරකථනයෙන් දැනුම්දුන්නා. අපි 5.00 ට අමාත්‍යාංශයට ගිය වෙලේ ආරක්ෂක නිලධාරීන් කිව්වා ඒ අයට දැනුම්දීමක් කර නැති බව. පසුව 5.40 ට කතා කරපු නිලධාරීන් කිව්වා එහෙම සාකච්ඡාවක් නෑ කියලා. නමුත් අපට ආරංචියි සාමාජිකයන් නැති පවුල් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතියකට සාකච්ඡාවක් දුන්නු විත්තිය. මේ ප්රශ්නය තියෙන වෘත්තීය සමිතිය එක්ක කතා කරනවා වෙනුවට සාමාජිකයන් නැති වෘත්තීය සමිතියකට අවස්ථාව දීලා තියෙනවා. ඒ අය ඒ ප්රශ්නය ගැන දන්නෙත් නෑ.
ශ්‍රී ලංකාවේ විශාලතම කාන්තා වෘත්තීය සමිතිය වන අපේ වෘත්තීය සමිතිය නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කටයුතු කරන්නේ කාගේ උමවනාවටද කියා විමසා සිටිනවා. මේ වනවිටත් සත්‍යග්‍රහයට සම්බන්ධ වී සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අපහසුවෙන් ඉන්නේ. පවුල් සෞඛ්‍ය සේවය විනාශ කිරීමට ගෙනා චක්‍රලේඛය ඉවත් කරනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අපි රැඳී සිටිනවා" යනුවෙන් පවසා සිටියාය.