මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු එක්වර විදේශ ගත වීම ගැටලු සහගත බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නෝවේ හි පැවැත්වෙන සම්මන්ත්‍රණයකට එක්වීම සඳහා වෛද්‍යවරු මෙසේ විදෙස් ගතව ඇති බව වාර්තා වෙයි.