සෞඛ්‍ය සේවාවේ වර්ධනයට නව විදේශීය ආයෝජන 23ක් ලැබී ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (15දා) පවසා සිටියේය.
ඒ අනුව එම ආයෝජන යටතේ නවරෝහල් ආරම්භ කිරීම‚ පවතින රෝහල් සංවර්ධනය කිරීම‚ ඖෂධ නිෂ්පාදනය හා ශල්‍යවෛද්‍ය උපකරණ නිෂ්පාදනය කිරීමේ ආයෝජන වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊට අමතරව සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සියලුම ශල්‍ය උපකරණ අවුරුදු 20ක ගෙවීම් කාලයක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදීමට මැලේසියානු සමාගමක් එකඟත්වය පළකර ඇති අතර, මෙරටට අවශ්‍ය සියලුම ශල්‍ය උපකරණ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කර්මාන්ත ශාලාවක් මෙරට ඉදිකරීම සඳහා චීන ආයෝජකයන් හමුවී සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සරත් ලියනගේ සහ කළමනාකරණ අධ්යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමී යන මහත්වරුද එක්ව සිටියහ.
.jpg)