පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතයක් ලබාගත් එසේම වර්තමාන කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා (සන්ධාන) ඉදිරි ජනපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කළ බව කොටිකාවත්තේදී පැවැති මාධ්‍ය හමුවකදී අද (07දා) ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව මූලික වටයේ සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී එම්. මරික්කාර් මහතා සමග මීට දින කිහිපයකට ඉහතදී ඔහු පවත්වා තිබූ බවටත් තොරතුරු වාර්තාවිය.
ඔහු සමස්ත ලංකා ප්‍රදේශීය සභා සභාපතිවරුන්ගේ සංගමයේ සභාපතිද වෙයි.