සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගත් නෞකාවේ කාර්ය මණ්ඩලයේ සේවය කළ අට දෙනාම ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව හා සුබ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම විදේශ රටවල දූත මණ්ඩල සමග සම්බන්ධ වෙමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.