අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතකයාට මරණ දඬුවම නියම කරන ලෙසත්, එම ඝාතන චෝදනාව ලබන පුද්ගලයා වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු ඉදිරිපත් නොවන ලෙසත් ඉල්ලමින් (16දා) ඊයේ සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී එක්සත් කාන්තා පෙරමුණ මගින් උද්ඝෝෂණයක් පැවැත්වීය.
මෙම අවස්ථාවට සම්බන්ධ වූ එක්සත් කාන්තා පෙරමුණේ සභාපති ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ, මෙය දරුවන්ගේ ඛේදවාචකයක් ලෙස සලකා ඔහුට නිසි දඬුවම් ක්රියාත්මක කරන ලෙසත්, ඇප ලබාදීම ප්රතික්ෂේප කරන ලෙසත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවයි.
ඡායාරූප - ඉසුරු පෙරේරා