සෙනෙහසේ තොටුපොළ විවෘතයි
දිවයින පුරා පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් එක්ව, සිය කැපවීමෙන් හා සාමූහිකත්වයෙන් “සෙනෙහසේ තොටුපොළ” ලෙස ගොඩනගන ලද, අලිමංකඩ දුම්රිය ස්ථානය අද (28) ජනතා අයිතියට පත්කළේය.
දිවයිනේ සෑම පළාතක් ම ආවරණය කරමින්, පාසල් සිසු දරුවන් සති දෙකක් පුරා තම එදිනෙදා වියදම් වෙනුවෙන් මව්පියන් විසින් ලබාදුන් මුදලින් දිනකට රුපියල් දෙක බැගින් එක්රැස් කොට මෙම ස්ථානය ගොඩනැගීම සඳහා පරිත්‍යාග ලබා දී ඇති අතර සියලුම පාසල් ගුරුවරුන් ද මේ සඳහා රුපියල් දහය බැගින් පරිත්‍යාග කරමින් මීට දායක වී තිබෙයි.
දුම්රිය ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 22 කට අධික මුදලක් වැය වී ඇති අතර පරිත්‍යාග මගින් එක්රැස් වූ මුදල්වලට අමතරව ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ලබා දී තිබෙනවා. අලිමංකඩ දුම්රිය ස්ථානයේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







