සෙඩ්රික් යාත්‍රාවක් කෞතුකාගාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු “සෙඩ්රික්” (Cedric) යාත්‍රාවක් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික කෞතුකාගාරයේ තැන්පත් කර එය නිල වශයෙන් විවෘත කිරීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ. නාවික හමුදාව සතුව තිබූ ඇරෝ යාත්‍රා “සෙඩ්රික්” ලෙස හැදින්වීමට නාවික හමුදාව තීරණය කරනු ලැබුවේ විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වශයෙන් හැදින්වෙන දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් යන නිලධාරියාට සිදු කරන ගෞරවයක් වශයෙනි.
වත්මන් නාවික හමුදාධිපතිතුමා සහ දිවංගත, කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් මහතා විසින් 1993 වර්ෂයේ ඔක්තෝබර් මස විශේෂ යාත්‍රා බලඝණය ස්ථාපිත කළ අතර, ඒ සඳහා වේග ප්‍රහාරක යාත්‍රා හා පිටත දහන එන්ජින් පිළිබද කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින්ගේ විශේෂඥ දැනුම උපයෝගි කොට ගෙන මෙම යාත්‍රා නිපදවා ඇත.
එම අවස්ථාවට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් රැසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

