සූර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විදුලි ආරක්ෂිත වැටක් සූරියවැව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ. එම විදුලි වැට අද (09දා) ජනතා අයිතියට පත්කකෙරිණි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
නාවික හමුදාව විසින් සමාජීය ගැටලු සඳහා විසඳුම් සෙවිම ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර, එහි එක් අදියරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.