වත්මන් ආණ්ඩුව සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා වනාන්තර අක්කර 600ක් කපා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම තත්ත්වය බොහෝවිට දැකිය හැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේ වනාන්නතර කපා සූර්ය බලගාර ඉදිරිකිරීමට රජය අවසර ලබාදී නැති බවත්,මෙම කරුණ සම්බන්ධව අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් පවත්වන බවත්ය.