දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදේ පවතින ඔක්හි සුළි කුණාටුව කොළඹ සිට කිලෝ මීටර් 600ක් පමණ දුරින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම ක්‍රමයෙන් අඩුවේ යැයි අපෙක්ෂා කරන බවත් ඔවුන් පවසයි.
කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් අපේක්ෂා කරන බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බස්නාහිර, දකුණ, උතුර, උතුරුමැද, මධ්‍යම හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවට මිලිමීටර් 100ට වැඩි වැසි අපෙක්ෂා කරන බවත් බස්නාහිර, දකුණ හා සබරගමුව පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.