1990 සුවසැරිය හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබි ඇත.
ඉන්දියානු රජයේ ආධාර ඇතිව දකුණු සහ බස්නාහිර පළාත්හි මෙම ගිලන්රථ සේවාව මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වෙයි.
මේ අනුව එම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට 1990 සුවසැරිය පදනම පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාගත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
එසේම අමතර ගිලන් රථ 209ක් යොදවමින් මෙම ගිලන් රථ සේවාව අනෙකුත් පළාත් 07 තුළ ද ව්‍යාප්ත කිරීමට අමතර ප්‍රදානයක් ලබාදීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ.