ඉන්දීය සුප්රකට ව්යාපාරික විජේ මාලියා එංගලන්තයේදී මෙට්රොපොලිටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ආරක්ෂක අංශ වෙනුවෙන් එංගලන්තයේ මෙට්රොපොලිටන් පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
විජේ මාලියා යුරෝ මිලියන 600ක පමණ ණයක් ගෙවීමට පැහැර හැරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ක්රීඩාවටද සම්බන්ධයක් ඇති විජේ මාලියා ඉන්දියන් ප්රිමියර් ලීග තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකරුවා ලෙසද කටයුතු කළ අතර පසුගිය වසරේදි ඔහු අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්විය.
ඔහු මාස කිහිපයක් තිස්සේ එංගලන්තයේ රැඳි සිටියේය. අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඔහු ඇප මත නිදහස් විය.