පසුගිය ආණ්ඩුව විසින් ආරුගම්බේ හා යාපනයේ ඉදිකර තිබෙන ජනපති මන්දිර හෝටල් බවට පරිවර්තනය කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (16දා) සඳහන් කළේය.
පෙරේදා ගාල්ලේ පැවැති රැස්වීමක් අමතමින් හෙතෙම සඳහන් කළේ මෙම මන්දිර ජනපති කාර්යාලයේ අරමුදල් යොදවමින් ඉදිකර තිබෙන බවයි.
මෙම ඉදිකිරීම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබාගෙන නැති බවත් ඒ සඳහා රුපියල් බිලියන 90කට අධික මුදලක් වැය කර තිබෙන බවත් අග්රාමාත්යවරයා සඳහන් කළේය.