සුප්රසිද්ධ බිළිඳු නිෂ්පාදන සමාගමකට වාර්තා ගත වන්දියක් ගෙවන්න වෙයි
ප්රධාන පෙළේ බිළිඳු නිෂ්පාදන සමාගමකට එරෙහිව පැවැති නඩුවකින් ඔවුන් පරාජයට පත්වීම හේතුවෙන් වින්දිත පාර්ශ්වයට ඩොලර් මිලියන 417ක දැවැන්ත වන්දියක් ගෙවීමට නියම කර ඇත.
අමෙරිකාවේ කැලිෆෝනියා නුවර අධිකරණයක විභාග වූ නඩුවක පැමිණිලිකරුවන් සඳහන් කර තිබුණේ එම නිෂ්පාදන අඛණ්ඩව භාවිත කිරීම තුළින් පිළිකා ඇතිවන බවයි.
එම බිළිඳු නිෂ්පාදන මාලාවේ පුයර අඛණ්ඩව අවුරදු 20-30ක් භාවිත කළ කාන්තාවක් පිළිකාවකට ගොදුරු වීමෙන් පසු ඇය සමාගමට එරෙහිව නඩු මගට පිවිස ඇති අතර, එයින් සමාගම පරාජයට පත්ව ඇත. ඒ අනුව ඇයට ඩොලර් මිලියන 417 ක දැවැන්ත වන්දියක් ගෙවන ලෙසට අධිකණරණය විසින් සමාගමට නියෝග කර තිබේ.
කෙසේ වෙතත් මෙම නියෝගයට එරෙහිව ඇපෑලක් ගොනු කිරීමට සමාගම තීරණය කර තිබේ. පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කරන්නේ ඇය අනෙකුත් කාන්තාවන්ට පණිවුඩයක් ලබාදීම සඳහා මෙසේ නඩු මගට පිවිසි බවයි.
මීට අමතරව තවත් අවස්ථා හතරකදී එම සමාගමට එරෙහිව පැවැති නඩුවලින් ඔවුන් පරාජයට පත්ව ඇති අතර ඩොලර් මිලියන 110.5, 72, 70.1, 55 යනාදී ලෙස වන්දි ගෙවීමට ඔවුන්ට සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

