ශ්රී ලංකාවේ පුද්ගලයින් 35000කට අධික පිරිසකට මරු කැඳවමින් සිදුවූ සුනාමි ඛේදවාචකයට අදට වසර 13ක් සම්පූර්ණ වෙයි. 2004 වසරේ දෙසැම්බර් 26 දා සිදුවූ මෙම ස්වාභාවික ව්යවසයෙන් රටවල් කිහිපයකම ජනතාව පීඩාවට පත්කළේය.
ශ්රී ලංකාවේ මුහුදු ප්රදේශයන් හි ජිවත්වන ජනතාවගේ දේපළද විශාල වශයෙන් මෙහිදී විනාශ විය. සුනාමියෙන් මිය ගිය ජනතාවට පිං අනුමෝදන් කිරිම සඳහා දිස්ත්රික් මට්ටමින් විවධ වැඩසටහන් සංවිධානය කර තිබේ.
මේ අතර පැරෑලිය සුනාමි ස්මාරකය ඉදිිපිට ප්රධාන ආගමික වැඩසටහන සිදුවෙයි. මරදාන දුම්රිය ස්ථානයෙන් පිරිත් දේශනා කරමින් විශේෂ දුම්රියක් පැරෑලිය කරා ගමන් කිරිමට නියමිතය.
සුනාමි දිනයේදී පැරෑලිය දුම්රිය අනතුරින් 1500කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ මුහුදු රළට දුම්රිය හසුවීම හේතුවෙනි.