සුදුසුකම් සපුරා ඇති සියලුම ගුරු සහයකයින්, ලංකා ගුරු සේවයේ 03 – i ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. .
ඒ අනුව, ගුරු පුහුණු සහතිකය ලැබූ, සුදුසුකම් සපුරා ඇති සියලු ගුරු සහයකයින්, ඉදිරියේ දී ගුරු සේවයේ 03 -i ශ්‍රේණිය සඳහා රුපියල් 31060 ක ආරම්භක වැටුපකට අන්තර්ග්‍රහණය කිරීමට සැලසුම් සකස් කර ඇත.
2014 වර්ෂයේ දී අවිධිමත් ලෙස බඳවා ගන්නා ලද ගුරු සහයකයින්ගේ මාසික දීමනාව වත්මන් රජය බලයට පත්වන විට ද රුපියල් 6000 කට පමණක් සීමා වී තිබූ බවත් තමන් මැදිහත්ව කැබිනට් පත්‍රිකාවක් මඟින් එම දිමනාව රුපියල් 10000 ක් දක්වා වැඩිකළ බවත් අමාත්‍යවරයා පැවැසීය.