සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සූදානම්
ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට කටයුතු කරන්නැයි තමන් වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.
පසුගිය මාස් කන්නයේ නෙලා ගන්නා ලද වී අස්වනු ද මේ වන විට වෙළඳපොළට ලැබෙමින් පවතින අතර, ඇතැම් ව්‍යාපාරිකයින් ගොවීන්ගේ වී අස්වනු අඩු මිලට මිලදී ගන්නා බව ගොවිජනතාව අමාත්‍යාංශයට පැමිණිලි කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.
වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගන්නා වීවල තෙතමනය පරීක්ෂාවට ලක්කරන අතර, එහිදී බොහෝ ගොවීන්ට අපහසුතාවලට මුහුණපෑමට සිදු වී ඇත. මෙම කාරණය සැලකිල්ලට ගනිමින් වී ගබඩා ආශ්‍රිතව වී වේලීමේ යන්ත්‍ර පද්ධතියක් සවිකිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව වීවල වේලුම් මට්ටම 14% ක ප්‍රතිශතයෙන් පවත්වාගෙන යාම සඳහා මෙම යන්ත්‍ර පද්ධතිය සවිකිරීම තුළින් ගොවිජනතාවට කිසිදු පීඩාවකින් තොරව එම වී අස්වැන්න වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට හැකිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

